පසුගිය පැය 24ක කාලය තුළ පමණක් ටොන් 6,500ක යුධෝපකරණ තොගයක් අමෙරිකා එක්සත් ජනපදයේ සිට ඊශ්‍රායලය වෙත ලැබී ඇත. මේ අනුව, ඉරානය සමඟ යුද ගැටුම් ආරම්භ වූ පසුගිය පෙබරවාරි 28 වැනිදා සිට මේ දක්වා ඊශ්‍රායලය වෙත ලැබී ඇති සමස්ත යුධ ආධාර ප්‍රමාණය ටොන් 115,600 ඉක්මවා ඇති බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.
මෙම යුධෝපකරණ තොගය තුළ පතොරම්, හමුදා ට්‍රක් රථ, JLTV වර්ගයේ සන්නද්ධ යුද රථ ඇතුළු අත්‍යවශ්‍ය හමුදා උපකරණ රැසක් අන්තර්ගත වේ. මෙම කාලසීමාව තුළ ගුවන් ගමන්වාර 403ක් සහ නෞකා 10ක් මගින් මෙම ආධාර තොග ඊශ්‍රායලය වෙත ළඟා වී ඇති බව වාර්තා වේ. සතුරන්ට එරෙහිව ඕනෑම අවස්ථාවක පූර්ණ ශක්තියෙන් ක්‍රියා කිරීමට අවශ්‍ය සියලු පහසුකම් මේ වන විට ඊශ්‍රායල ආරක්ෂක හමුදාව සතු බව එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.














