කළුතර පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කලාපීය කාර්යාලයේ පසුගිය රාත්‍රියේ (අප්‍රේල් 30) හදිසි ගින්නක් හටගෙන තිබේ. කෙසේ වෙතත්, මෙම සිදුවීමෙන් දෙපාර්තමේන්තුවේ මධ්‍යම දත්ත පද්ධතියට කිසිදු බලපෑමක් සිදුවී නොමැති බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවි පී.එච්. ප්‍රනාන්දු මහත්මිය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.
දෙපාර්තමේන්තුවේ මධ්‍යම දත්ත පද්ධතිය ප්‍රධාන කාර්යාලය මගින් කළමනාකරණය කරනු ලබන අතර, එය දැඩි ආරක්ෂිත ක්‍රමවේදයන්ගෙන් යුත් දත්ත ආරක්ෂණ මධ්‍යස්ථානයක් හරහා ක්‍රියාත්මක වේ. එම නිසා බදු පරිපාලන දත්තවල ආරක්ෂාව සම්පූර්ණයෙන්ම තහවුරු වී ඇති බව බලධාරීහු සහතික කරති.
කළුතර කාර්යාලයේ කටයුතු සාමාන්‍ය පරිදි යථා තත්ත්වයට පත් කිරීම සඳහා දුරස්ථ ප්‍රවේශ (remote access) හරහා පද්ධති සම්බන්ධතාව යළි ස්ථාපිත කිරීමට මේ වන විට පියවර ගනිමින් පවතී. ගින්න හටගත් ආකාරය සහ ඒ පිළිබඳ පූර්ණ විමර්ශන කටයුතු පොලිසිය සහ අදාළ අංශ විසින් සිදු කරනු ලබයි.
මේ අතර, හදිසි බදු සේවාවන් අවශ්‍ය වන මහජනතාවට ආසන්නතම කලාපීය කාර්යාලය හෝ ප්‍රධාන කාර්යාලයේ බදු ගෙවන්නන්ගේ සේවා ඒකක මගින් සිය අවශ්‍යතා ඉටු කරගන්නා ලෙස දන්වා ඇත.














