ලෝක කම්කරු දිනය ශ්‍රී ලංකාවේ නිවාඩු දිනයක් බවට පත් කිරීමේ 70 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන්, කෘතහස්ථ ලේඛකයකු සහ දේශපාලන නායකයකු වූ දිවංගත ටී.බී. ඉලංගරත්න මැතිඳුන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමේ උත්සවයක් අද (01) පැවැත්විණි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය උතුරාවල ධම්මරත්න ස්වාමීන් වහන්සේ, ටී.බී. ඉලංගරත්න සංසදයේ ලේකම් රේනුක පෙරේරා මහතා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු දේශපාලන නායකයින්, හිටපු මැති ඇමතිවරුන්, පළාත් පාලන නියෝජිතයින් සහ විශාල පිරිසක් සහභාගී වූහ.














