ඉරානයේ වයඹදිග සන්ජාන් (Zanjan) පළාතේ සිදු වූ ප්‍රබල බෝම්බ පිපිරීමකින් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) සාමාජිකයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඉරාන මාධ්‍ය වාර්තාවලට අනුව, මෙම ඛේදවාචකය සිදුව ඇත්තේ ක්‍රියාත්මක නොවූ පුපුරණ ද්‍රව්‍ය (Unexploded ordnance) ඉවත් කිරීමේ විශේෂ මෙහෙයුමක් අතරතුරදීය.
මියගිය පිරිස පුපුරණ ද්‍රව්‍ය සහ පතොරම් ඉවත් කිරීම සඳහා පත් කරන ලද විශේෂ ඒකකයකට අයත් නිලධාරීන් බව තහවුරු වී ඇත. මෙම පිපිරීමෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව ඉරානයේ ‘ෆාර්ස්’ (Fars) පුවත් ඒජන්සිය වාර්තා කරයි.
කලාපීය ආරක්ෂාව සහ මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් මෙම නිලධාරීන් කණ්ඩායම සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරමින් සිටි පිරිසක් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.














