සෙවනගල පොලිස් වසමේ කටුපිළ වැවේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් ඇති බව සෙවනගල පොලිසිය පවසයි. මෙම අනතුර 2026 මැයි මස 01 වන දින සිදුවී ඇති අතර, ඒ පිළිබඳව ලද තොරතුරක් මත පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 16ක් වූ පත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු සිය මිතුරන් පිරිසක් සමඟ කටුපිළ වැවේ දිය නෑමට ගොස් සිටියදී මෙලෙස අවාසනාවන්ත ලෙස දියේ ගිලී මියගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. සිද්ධියෙන් අනතුරුව මරණකරුගේ දේහය මේ වන විට ඇඹිලිපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් සෙවනගල පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් පවතී.














