කොල්ලුපිටිය පොලිස් වසමේ රොටුන්ඩා උද්‍යානය ආශ්‍රිත ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස සඟවාගෙන සිටි බියර් කෑන් සහ දුම්වැටි තොගයක් සමඟ විදෙස් ජාතික කාන්තාවක් කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
2026 මැයි මස 01 වන දින රාත්‍රියේ සිදුකළ මෙම වැටලීමේදී නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද බියර් කෑන් 257ක් සහ දුම්වැටි 100ක් පොලිස් භාරයට ගැනීමට හැකි විය. අත්අඩංගුවට ගත් සැකකාරිය 20 හැවිරිදි විදෙස් ජාතික කාන්තාවකි. ඇය විසින් මෙම මත්පැන් සහ දුම්වැටි තොගය සන්තකයේ තබාගෙන විකිණීමේ ජාවාරමක නිරතව සිට ඇති බව අනාවරණය වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.














