තායිලන්තයේ සිට මෙරටට කුෂ් (Kush) සහ හෑෂ් (Hash) වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 112ක් රැගෙන ඒමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් චීවරධාරීන් 22 දෙනා අද (මැයි 02) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. පසුගිය අප්‍රේල් 25 වන දින කටුනායක ගුවන්තොටුපොළේදී මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ සැකකටයුතු ලෙස මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදීය.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් දින 7ක් රඳවාගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම ජාවාරම අමිතානන්ද නමැති චීවරධාරියෙකුගේ ප්‍රධානත්වයෙන් සිදුකර ඇති බව අනාවරණය විය. ගම්පහ ප්‍රදේශයේ විහාරස්ථානයක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් එම ප්‍රධාන සැකකරු හෙට (03) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මීට අමතරව, මෙම ජාවාරමට ආධාර අනුබල දුන් අයෙකුව අතුරුගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව ඇත. මෙම චීවරධාරියාගේ මෙහෙයවීම මත මින් පෙර අවස්ථාවකදී ද මෙරටට මත්ද්‍රව්‍ය රැගෙනවිත් ඇති බවට විමර්ශනවලදී තහවුරු වී තිබේ.














