යේමන වෙරළට ඔබ්බෙන් වූ ගල්ෆ් ඔෆ් ඒඩ්න් (Gulf of Aden) මුහුදු තීරයේදී, ටොගෝ (Togo) රාජ්‍යයේ ධජය යටතේ යාත්‍රා කළ “එම්ටී යුරේකා” (MT Eureka) නැමැති තෙල් ප්‍රවාහන නෞකාවක් සොමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් අද (මැයි 03) අලුයම 5:00ට පමණ පැහැරගෙන තිබේ.
මෙය දින 10ක් ඇතුළත එම කලාපයේදී තෙල් නෞකාවක් පැහැරගත් දෙවැනි අවස්ථාව වන අතර, පසුගිය අප්‍රේල් 22 වන දින “හොනර් 25” (Honor 25) නෞකාව ද පැහැර ගැනීමට ලක්විය. සොමාලියාවේ වෙරළ තීරය කිලෝමීටර් 3,333ක් (සැතපුම් 2,071ක්) වන අතර, එය අප්‍රිකානු මහද්වීපයේ දිගම වෙරළ තීරය වේ. අද දිනයේ සිදු වූ පැහැර ගැනීමත් සමඟ සති දෙකක් ඇතුළත සාර්ථකව සිදු වූ මුහුදු කොල්ලකෑම් සංඛ්‍යාව හතරක් දක්වා ඉහළ ගොස් ඇත.
2011 වසරෙන් පසු අඩුවෙමින් පැවති සොමාලියානු මුහුදු කොල්ලකෑම්, 2023 වසරේ අගභාගයේ සිට යළිත් වර්ධනය වී තිබේ.














