ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට තවදුරටත් රට පාලනය කිරීමට හැකියාවක් නොමැති බව පවසමින් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් දැඩි විවේචනයක් එල්ල කර තිබේ. මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ ජනාධිපතිවරයාට රට එක අඟලක් හෝ ඉදිරියට ගෙන යා නොහැකි බවයි.
ජනාධිපතිවරයා වහාම සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව අවධාරණය කළ උන්වහන්සේ, “කරැණාකරලා ජනාධිපති පුටුවෙන් බැහැලා ගෙදර යන්න මහත්තයෝ, පස්සේ කියන්න එපා” යැයි පවසමින් සෘජු අනතුරු ඇඟවීමක් ද කළහ.
එමෙන්ම, ජනතාව සමඟ එක්ව ජනාධිපතිවරයා බලයෙන් පහ කිරීමට තමන් සූදානම් බව ඉඟි කරමින් උන්වහන්සේ සඳහන් කළේ, “බලංගොඩ කස්සප ජනතාව එක්ක ඇවිත් තඹුත්තේගම හාදයාව එළවලා දැම්මා කියලා පස්සේ කියන්න එපා” යනුවෙනි. මෙම ප්‍රකාශයත් සමඟ දේශපාලන කරළිය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.














