අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළේ, විශාල සම්පත් ප්‍රමාණයක් තිබුණද දූෂිත පාලකයන්ගේ නොහැකියාව නිසා මේ රට අගාධයට ගිය බවයි. වසර එක හමාරක් වැනි කෙටි කාලයක් තුළ රට මේ තත්ත්වයට ගොඩනැගීමට රජයට හැකි වූ බවත්, තව වසර කිහිපයකින් රට ඉතා ඉහළ තැනකට ඔසවා තැබීමට තමන්ට හැකියාව ඇති බවත් ඇය අවධාරණය කළාය. ජනතාව ලබා දුන් ජනවරම ආරක්ෂා කරමින් ඒ වෙනුවෙන් රජය මේ වන විටත් කැපවී වැඩ කරමින් සිටින බව අගමැතිනිය වැඩිදුරටත් සඳහන් කළාය.
මෙම අදහස් දැක්වීම සිදු වූයේ ලෝක කම්කරු දිනය සැමරීම වෙනුවෙන් “ජන රජයට ජන බලයක්” යන තේමාවෙන් රත්නපුර නගරයේ පැවති මැයි දින රැලිය අමතමිනි. අහිතකර කාලගුණ තත්ත්වයන් මධ්‍යයේ වුවද, රජයේ නායකයින් සහ ජනතාව මහත් උද්යෝගයෙන් මෙම රැලියට එක්වී සිටීම දේශපාලනික බැඳීමේ සුවිශේෂී සංකේතයක් විය.














