මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත පන්නිපිටිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින්, අයිස් සහ කුෂ් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 2026 මැයි 02 වන දින උදෑසන මෙම වැටලීම සිදුකර ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 120ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 248ක් සහ කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 360ක් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 27 සහ 28 යන වයස්වල පසුවන පන්නිපිටිය ප්‍රදේශයේම පදිංචිකරුවන් වන අතර, ඔවුන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හෝමාගම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලිසිය විසින් ඉදිරි විමර්ශන සිදුකරනු ලබයි.














