සෑම වසරකම මැයි මස 03 වන දිනට යෙදෙන ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය අදට (03) යෙදී තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක තොරතුරු දැනගැනීමේ අයිතිය සුරක්ෂිත කිරීම සහ වගකීම් සහගත නිදහස් මාධ්‍ය භාවිතයක් උදෙසා ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානය යොමු කරවන ප්‍රධාන දිනය මෙය වේ. වෘත්තීය මට්ටමින් සත්‍ය තොරතුරු ජනතාව වෙත වාර්තා කිරීමේදී මාධ්‍යවේදීන් මුහුණ දෙන අභියෝගයන් පිළිබඳව සමාජ කතිකාවතක් ගොඩනැගීම මෙහි අරමුණයි.
සමාජයේ පැවති අසාධාරණයන් මතු කරමින්, දූෂණයෙන් තොර රටක් ගොඩනැගීමට සහ මානව හිමිකම් ආරක්ෂා කිරීමට මාධ්‍යවේදීන් ඉටුකරන කාර්යභාරය අතිමහත්ය. අද වැනි දිනයක නිදහස් සහ ස්වාධීන මාධ්‍ය කලාවක් වෙනුවෙන් හඬ නැගීම සහ මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සෑම පුරවැසියෙකුගේම වගකීමක් වේ.














