මරදාන පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 2026 මැයි 02 වන දින කෙසෙල්වත්ත පොලිස් වසමේ සියපත පසුව නිවනස සංකීර්ණ ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර ඇත. අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 82ක් සහ මිලිග්‍රෑම් 420ක්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් 15,090ක මුදලක් සහ ජංගම දුරකථනයක් පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 40ක් වන කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් මරදාන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.














