කළුතර කටුකුරුන්ද වෙරළ තීරයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියවැවකට හසුව අතුරුදන් වී ඇති බව වාර්තා වේ.
ඊයේ (03) පස්වරු 5.30 ට පමණ පවුලේ ඥාතීන් සහ දරුවන් සමඟ දිය නෑමට පැමිණි අවස්ථාවේදී මෙම පුද්ගලයා දියවැවකට හසුව ගසාගෙන ගොස් තිබේ.
මෙසේ අතුරුදන් වී ඇත්තේ කළුතර කටුකුරුන්ද, ගුවන්ගම ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි විවාහක පුද්ගලයෙකි.
අතුරුදන් වූ පුද්ගලයා සෙවීම සඳහා කළුතර දකුණ පොලිසිය විසින් මෙහෙයුම් ආරම්භ කර ඇත.














