පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි දිවයින පුරා ක්‍රියාත්මක වන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් යටතේ පුද්ගලයින් රැසක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
ඊයේ (03) දින සිදුකරන ලද මෙහෙයුම්වලදී පුද්ගලයින් 26,346ක් පරීක්ෂාවට ලක් කර ඇත. එහිදී සැකපිට පුද්ගලයින් 548ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, අපරාධ සම්බන්ධයෙන් සෘජුවම හඳුනාගත් පුද්ගලයින් 147දෙනෙකු ද මීට ඇතුළත් වේ.
මෙම මෙහෙයුම් මගින් වරෙන්තුකරුවන් 212දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් 158දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
බීමත් රියදුරන් 135ක් සහ අපරික්ෂාකාරී ලෙස රිය පැදවූ පුද්ගලයින් 83දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මීට අමතරව වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 3,996කට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කර තිබේ.














