රාගම ශික්ෂණ රෝහලේ කළමනාකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව රෝහලේ පවතින ගැටලු රැසකට කඩිනම් විසඳුම් ලබාදීමට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පියවර ගෙන තිබේ. රෝහලේ සේවා විධිමත් කිරීම සහ පහසුකම් සංවර්ධනය අරමුණු කරගනිමින් මෙම රැස්වීම රාගම ශික්ෂණ රෝහල් ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. මේ සඳහා විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ස්ටෙෆනි ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ද සහභාගී වූහ.
2026 වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම යටතේ යටිතල පහසුකම් සංවර්ධනය, මානව සම්පත් කළමනාකරණය, ඖෂධ, ශල්‍යකර්ම ද්‍රව්‍ය සහ උපකරණ ප්‍රසම්පාදනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරිණි. එමෙන්ම අපද්‍රව්‍ය කළමනාකරණය, 2026 සඳහා සැලසුම් කළ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිවල ප්‍රගතිය, 2027 වසර සඳහා සැලසුම් කර ඇති නව ව්‍යාපෘති සහ 2026 නව උපකරණ මිලදී ගැනීම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.
නියෝජ්‍ය අමාත්‍යවරයා රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය, රසායනාගාරය සහ වාට්ටු ඇතුළු අංශ කිහිපයක් නිරීක්ෂණය කළේය. රෝහල් පාලනාධිකාරිය පෙන්වා දුන් ගැටලු අනුව ප්‍රධාන සැලැස්ම සංශෝධනය කිරීම, මහාචාර්ය ඒකක ගොඩනැඟිල්ල නැවත සැලසුම් කිරීම, ගිලන් රථ උද්‍යානයක් සහ වෛද්‍ය නීති ගොඩනැඟිල්ලක් ඉදිකිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. මීට අමතරව මලාපවහන පද්ධතිය ප්‍රතිසංස්කරණය, සීසීටීවී (CCTV) ජාලය සවි කිරීම සහ අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා දහන යන්ත්‍රයක් ස්ථාපනය කිරීම යන ව්‍යාපෘති පිළිබඳව ද දීර්ඝව සාකච්ඡා කර තිබේ.














