රංග සිරිවර්ධන මහතාගේ අභාවය සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා පවසන්නේ, ඔහුගේ දුරකථන දත්ත (Phone Records) නිවැරදිව පරීක්ෂා කළේ නම් ඔහුට පීඩනයක් එල්ල කළේ කවුරුන්ද යන්න පහසුවෙන් අනාවරණය කරගත හැකිව තිබූ බවයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, මෙම සිදුවීම පිටුපස කිසියම් අදෘශ්‍යමාන පීඩනයක් පවතින බවට සැකයක් පවතින බවයි. සාධාරණ පරීක්ෂණයක් පවත්වා මේ පිටුපස සිටින සැබෑ පුද්ගලයන් කවුරුන්ද යන්න රටට හෙළි කළ යුතු බව ඔහු අවධාරණය කළේය.
විශේෂයෙන්ම පුද්ගලයෙකු මෙවැනි තීරණාත්මක තත්ත්වයකට පත්වීමට බලපාන මනෝවිද්‍යාත්මක සහ බාහිර සාධක පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත්, නවීන තාක්ෂණය භාවිත කරමින් ඔහුගේ අවසන් ඇමතුම් සහ පණිවිඩ විශ්ලේෂණය කිරීම හරහා මේ පිළිබඳ තීරණාත්මක තොරතුරු ලබාගත හැකි බවත් කාවින්ද ජයවර්ධන මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.














