ආන්දෝලනයට තුඩු දී ඇති මුල්‍ය වංචා සහ රජයේ ඇතැම් ගනුදෙනු සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසන්නේ, අහිමි වූ මුදල් නැවත ලබාගැනීමට ඇති හැකියාව ඉතා අවම බවයි. මෙය හුදෙක් අතපසුවීමක් නොව ඉතා සූක්ෂ්ම ලෙස මෙහෙයවන ලද සැලසුම්සහගත වංචාවක් බව ඔහු අවධාරණය කරයි.
මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ඒ මහතා පෙන්වා දුන්නේ, වගකිවයුතු පාර්ශවයන් විවිධ නිදහසට කරුණු ඉදිරිපත් කළද, රටේ ජනතාවට අහිමි වූ මහා පරිමාණ ධනය නැවත භාණ්ඩාගාරයට හෝ අදාළ පුද්ගලයන් වෙත ලබාගැනීමට ප්‍රායෝගිකව නොහැකි වන අයුරින් මෙම ක්‍රියාවලිය සිදුව ඇති බවයි.
මෙවැනි වංචාවන් සඳහා ඉඩ ප්‍රස්ථා සැලසෙන පරිදි නීතිමය පද්ධතියේ පවතින සිදුරු සහ දේශපාලන මැදිහත්වීම් පිළිබඳව ද මහාචාර්යවරයා මෙහිදී දැඩි ලෙස විවේචනය කළේය. වංචා සිදු කළ පුද්ගලයන්ට දඬුවම් දීම මෙන්ම, අහිමි වූ පොදු දේපළ නැවත අය කර ගැනීම සඳහා වඩාත් ශක්තිමත් නෛතික රාමුවක අවශ්‍යතාව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.














