මෙම වසරේ ජූලි මස පළමුවන දිනට පෙර දිවයින පුරා පවතින සියලුම පෙරපාසල් අනිවාර්යයෙන්ම ලියාපදිංචි කළ යුතු බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ප්‍රකාශ කළාය. මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති පෙරපාසල් අධ්‍යාපනය ක්‍රමවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් ඇය මේ බව පැවසීය.
ඉදිරියේදී ඕනෑම පෙරපාසලක් ආරම්භ කිරීමට පෙර අදාළ අමාත්‍යාංශයේ ලියාපදිංචිය ලබාගැනීම අනිවාර්ය බවත්, පෙරපාසල් අධ්‍යාපනය අමාත්‍යාංශයේ විෂය පථය යටතේ විධිමත් ලෙස ක්‍රියාත්මක කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
















