යාපනය, කෝපායි ප්‍රදේශයේදී අද (05) අලුයම සිදුවූ දරුණු යතුරුපැදි අනතුරකින් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පේදුරුතුඩුව–යාපනය ප්‍රධාන මාර්ගයේ නාවල්කාඩු ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති අතර යතුරුපැදිය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසුපැදිකරු යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නෙල්ලිඅඩි ප්‍රදේශයේ පදිංචි 22 සහ 24 හැවිරිදි තරුණයින් දෙදෙනෙකි. සිද්ධිය සම්බන්ධයෙන් කෝපායි පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.














