තම රටට එරෙහිව දියත් කෙරෙන ඕනෑම යුදමය ක්‍රියාමාර්ගයකට සෘජුව හෝ වක්‍රව සහභාගී වන සියලුම රටවල් ඒ සඳහා සම්පූර්ණයෙන් වගකිව යුතු බව ඉරාන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකවරයා අවධාරණය කරයි. ඉරානයේ ස්වෛරීභාවයට සහ ආරක්ෂාවට තර්ජනයක් වන ඕනෑම ප්‍රකෝපකාරී ක්‍රියාවකට දැඩි ලෙස ප්‍රතිචාර දක්වන බවත්, එවැනි ක්‍රියා සිදුකරන රටවල් එහි ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සූදානම් විය යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
කලාපීය අස්ථාවරත්වයට තුඩු දෙන අයුරින් ක්‍රියා නොකරන ලෙස ජාත්‍යන්තර ප්‍රජාව වෙත පණිවිඩයක් නිකුත් කරමින් ඉරාන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකවරයා පෙන්වා දුන්නේ, තමන්ගේ ආරක්ෂාව උල්ලංඝනය කරන කිසිදු පාර්ශවයකට එරෙහිව ගත යුතු ඕනෑම පියවරක් ගැනීමට තම රජය පසුබට නොවන බවයි.















