පොතුවිල් පොලිස් වසමේ ලාහුගල ප්‍රදේශයේදී අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොතුවිල් පොලිසිය පවසයි. පසුගිය දින (2026.05.04) රාත්‍රී කාලයේ මෙම අනතුර සිදුව ඇති අතර මියගොස් ඇත්තේ ලාහුගල ප්‍රදේශයේම පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකි.
අදාළ පුද්ගලයා කුඹුරේ පිහිටි ආරක්ෂිත පැල්පතක රැඳී සිටියදී මෙම අනතුර සිදුව ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පොතුවිල් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.














