මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ මේ වන විට ඩෙංගු මරණ 12ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් රට පුරා හඳුනාගෙන ඇති අධි අවදානම් කලාප ඉලක්ක කර ගනිමින් හෙට (06) සිට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.
ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම, මදුරු කීටයන් පාලනය කිරීම සහ ජනතාව දැනුවත් කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වී ඇත. වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීම වැළැක්වීම සඳහා මහජනතාව තම නිවෙස් සහ අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමට වගබලා ගන්නා ලෙසත්, උණ රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසත් ජාතික ඩෙංගු මර්දන ඒකකය ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.














