නාගොල්ලාගම පොලිස් වසමේ රැකෝගම හන්දිය ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස මත්පැන් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය (2026.05.04) සවස් කාලයේ සිදුකළ මෙම වැටලීමේදී නීතිවිරෝධී මත්පැන් ලීටර් 75ක් සහ ඒවා ප්‍රවාහනය කළ යතුරුපැදිය පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු 53 හැවිරිදි මීතොටමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් නාගොල්ලාගම පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.















