වීරඹුගෙදර පොලිස් වසමේ කුරුණෑගල මාර්ගයේ පියගොල්ල ප්‍රදේශයේදී අද (05) උදෑසන සිදුවූ දරුණු යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. කුරුණෑගල දෙසට ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක් පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන කුඹුක් ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු වහාම කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ ද, පසුව ඔහු මියගොස් ඇත. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 55 හැවිරිදි දල්ගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. වීරඹුගෙදර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.














