අද දහවල් කුඩාවැල්ල ධීවර වරාය පරිශ්‍රයේදී බීමත් මාළු ව්‍යාපාරිකයෙකු විසින් අහසට වෙඩි තැබීම හේතුවෙන් එහි සිටි ධීවරයින් සහ වෙළෙඳුන් දැඩි භීතියට පත්ව තිබේ. තංගල්ල මූලස්ථාන පොලිසියට ලැබුණු තොරතුරකට අනුව වහාම ක්‍රියාත්මක වූ නිලධාරීන් එම ස්ථානයට ළඟා වී පරීක්ෂණ පවත්වන විටත් වරාය පරිශ්‍රය දැඩි නොසන්සුන් තාවයකට පත්ව තිබුණි.
පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ කුඩාවැල්ල ප්‍රදේශයේ පදිංචි මෙම ව්‍යාපාරිකයා තමා සතු බලපත්‍ර සහිත ගිනි අවියෙන් සිව් වතාවක් පමණ අහසට වෙඩි තබා ඇති බවයි. මහජන සාමය උල්ලංඝනය කරමින් ජනතාව භීතියට පත් කළ මෙම සැකකරු මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. බලපත්‍ර සහිත ගිනි අවියක් අවභාවිත කරමින් සිදු කළ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් තංගල්ල මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.















