දන්කොටුව, කටුකෙන්ද මහවත්ත ප්‍රදේශයේ රජයේ ගොවිපළකට අයත් ඉඩමක වැලි කැනීමෙන් පසු නිර්මාණය වූ ජලයෙන් පිරුණු වළක මාළු ඇල්ලීමට ගිය සහෝදරයන් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කටුකෙන්ද මහවත්ත ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි තිදරු පියෙකු වන බ්‍රැන්ක්‍රාස් ග්‍රේෂන් ප්‍රනාන්දු සහ ඔහුගේ සොහොයුරා වන 37 හැවිරිදි අවිවාහක ඔලිවර් රවින්ද්‍ර කුමාර් ප්‍රනාන්දු යන අයයි.
සිද්ධිය වූ දිනයේදී මියගිය දෙදෙනා ඇතුළු පිරිසක් අදාළ ජල වළේ මාළු ඇල්ලීම සඳහා දැලක් එළා ඇති අතර, එදින සවස 6.00ට පමණ එම දැල ගොඩට ගැනීමට පස් දෙනෙකු වළට බැස තිබෙනවා. එහිදී දෙදෙනෙකු දියේ ගිලී අතුරුදහන් වූ අතර අනෙක් පිරිස දිවි බේරාගෙන ගොඩට පැමිණ තිබෙනවා. අතුරුදහන් වූවන් සොයා ගැනීමට දරන ලද උත්සාහයන් ව්‍යර්ථ වීමෙන් අනතුරුව නාවික හමුදා කිමිදුම්කරුවන් පැමිණ ඔවුන්ගේ මළ සිරුරු ගොඩට ගෙන තිබෙනවා. දන්කොටුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.














