ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනය පරිදි වියට්නාම සමාජවාදී ජනරජයේ ජනාධිපති ටෝ ලාම් මහතා එළැඹෙන 07 සහ 08 යන දිනයන්හි ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත වීමට නියමිතයි. දෙරට අතර සහයෝගීතාව වර්ධනය කිරීමේ අරමුණින් මෙම සංචාරයේදී විවිධ ක්ෂේත්‍ර ආවරණය වන පරිදි අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
මෙම ගිවිසුම් අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය හා වියට්නාමයේ සංස්කෘතික, ක්‍රීඩා සහ සංචාරක අමාත්‍යාංශය අතර තොරතුරු සහ සන්නිවේදන ක්ෂේත්‍රයේ සහයෝගීතාව පිළිබඳ ගිවිසුම, ශ්‍රී ලංකාවේ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ වියට්නාම සංස්කෘතික, ක්‍රීඩා සහ සංචාරක අමාත්‍යාංශය අතර සංස්කෘතික සහයෝගීතාව පිළිබඳ ගිවිසුම මෙන්ම ශ්‍රී ලංකාවේ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ වියට්නාම ජනවාර්ගික හා ආගමික කටයුතු අමාත්‍යාංශය අතර ආගමික ක්ෂේත්‍රයේ සංවර්ධනය, ආගමික ශිෂ්‍ය සුබසාධනය, ආගමික විශ්වාස සහ සිරිත්විරිත් ආරක්ෂා කිරීම සඳහා වන ගිවිසුම ඇතුළත් වේ. තවද ශ්‍රී ලංකාවේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සහ වියට්නාම විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය අතර විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ සහයෝගීතාව පිළිබඳ ගිවිසුම සහ ශ්‍රී ලංකාවේ පොලිස් අභ්‍යාස ආයතනය හා වියට්නාම මහජන පොලිස් අභ්‍යාස ආයතනය අතර පොලිස් පුහුණුව සහ විද්‍යාත්මක පර්යේෂණ සහයෝගීතාව පිළිබඳ ගිවිසුම සඳහා ද කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.














