රජයේ විදේශ ණය ගෙවීම් සම්බන්ධයෙන් සිදුවූ බව කියන ඩොලර් මිලියන 2.5ක මූල්‍ය අක්‍රමිකතාව සහ ඒ පිළිබඳ තොරතුරු අනාවරණය කරගත් රංග නිශාන්ත රාජපක්ෂ මහතාගේ අභාවය සම්බන්ධයෙන් මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ පැහැදිලි කිරීමක් සිදු කළේය. රංග නිශාන්ත මහතාගේ මරණය සම්බන්ධයෙන් විපක්ෂය මතු කරන සැකය ප්‍රතික්ෂේප කළ අමාත්‍යවරයා, එය ස්වයං හානි කර ගැනීමක් හෙවත් සිය දිවි නසාගැනීමක් බවට වාර්තා වී ඇතැයි අවධාරණය කළේය.
2025 නොවැම්බර් සහ 2026 ජනවාරි කාලය තුළ ඕස්ට්‍රේලියානු ණය හිමියා වෙත ගෙවන ලද මුදල් ඔවුන්ට ලැබී නොමැති බව මූල්‍ය වංචාව මගින් හෙළි වී ඇති අතර, මෙය සයිබර් අපරාධකරුවන් විසින් සිදුකළ බාහිර වංචාවක් ලෙස හඳුනාගෙන ඇත. පියවර ගැනීමක් ලෙස සිද්ධිය සම්බන්ධයෙන් නිලධාරීන් සිව් දෙනෙකුගේ වැඩ තහනම් කර ඇති අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID), මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය එක්ව මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශන පවත්වයි. අධිකරණ ක්‍රියාමාර්ග යටතේ මෙම වංචාව 2026 මාර්තු 23 වන දින අනාවරණය කරගත් අතර, දැනටමත් ඒ සම්බන්ධයෙන් B වාර්තාවක් (අංක c51/26) අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
මෙය තාක්ෂණික වශයෙන් ණය පැහැර හැරීමක් ලෙස ඕස්ට්‍රේලියාව හෝ පැරිස් ක්ලබ් සාමාජිකයන් නොසලකන බවත්, ණය ගෙවීමේ කිසිදු අපහසුවක් රජයට නොමැති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.














