ජනශක්ති සමූහ ව්‍යාපාරයට (JXG) අනුබද්ධ ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගම කාන්තාවන්ගේ මූල්‍යමය වර්ධනය සහ අනාගත සුරක්ෂිතතාව අරමුණු කරගනිමින් ‘ශක්ති’ නමින් විශේෂ ස්ථාවර තැන්පතු ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා. වෘත්තීය ජීවිතය ආරම්භ කරන කාන්තාවන්ගේ සිට ව්‍යාපාර මෙහෙයවන කාන්තාවන් දක්වා සියලු දෙනාටම තම මූල්‍ය කටයුතු සැලසුම් කර ගැනීමට සහ දීර්ඝකාලීන ධන උත්පාදනය සඳහා මෙමගින් අවස්ථාව උදා කර දී තිබෙනවා.
මෙම ස්ථාවර තැන්පතු ක්‍රමය මගින් ආකර්ෂණීය පොලී අනුපාත සහ අමතර මූල්‍ය ප්‍රතිලාභ රැසක් පිරිනැමෙන අතර සහනදායී පොලී අනුපාත යටතේ ණය, ලීසිං, ආයෝජන සැලසුම් සහ කාරක ප්‍රාග්ධන මූල්‍ය පහසුකම් ලබා ගැනීමේ හැකියාව ද කාන්තාවන්ට හිමි වේ. සමාගමේ දීපව්‍යාප්ත ශාඛා ජාලය සහ ඩිජිටල් නාලිකා ඔස්සේ ඉතා පහසුවෙන් තැන්පතු විවෘත කිරීමට සහ පවත්වාගෙන යාමට හැකියාව ඇති අතර කෙටිකාලීන ඉතුරුම් වෙනුවට දීර්ඝකාලීන ආයෝජනයන් වෙත යොමු වීමට ද මෙය මග පෙන්වයි.
ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සිතම්බරම් ශ්‍රී ගනේන්ද්‍රන් මහතා සඳහන් කළේ ආර්ථිකය තුළ කාන්තාවන්ගේ දායකත්වය තවදුරටත් ඉහළ නැංවීමට නම් ඔවුන්ගේ අවශ්‍යතාවන්ට ගැලපෙන මෙවැනි මූල්‍ය විසඳුම් අත්‍යවශ්‍ය බවයි. එමෙන්ම සමාගමේ නාලිකා ප්‍රධානී සමින්ද රත්නායක මහතා පෙන්වා දුන්නේ මෙය කාන්තාවන්ට තමන්ගේ සහ පවුලේ මූල්‍ය අනාගතය පිළිබඳ ආත්ම විශ්වාසයකින් යුතුව තීරණ ගැනීමට ලැබෙන සුවිශේෂී මූල්‍ය සහයෝගයක් බවයි. හුදෙක් ආයෝජන විසඳුමක් පමණක් නොව කාන්තාවන්ට ආත්ම විශ්වාසයෙන් යුතුව තම මූල්‍ය අනාගතය තීරණය කිරීම සඳහා ලැබෙන සුවිශේෂී අවස්ථාවක් ලෙස ද ‘ශක්ති’ ස්ථාවර තැන්පතු ක්‍රමය හැඳින්විය හැකියි.














