වන අලි කළමනාකරණ රාජකාරි සහ අනෙකුත් ක්ෂේත්‍ර කටයුතු සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දීපව්‍යාප්තව පිහිටුවා ඇති අඩවි ආරක්ෂක හා බීට්ටු කාර්යාල සඳහා අවශ්‍ය වාහන මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මේ සඳහා මූලික අනුමැතිය 2025 අගෝස්තු 18 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලබා දී තිබුණි.
ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ මත පදනම්ව, අවම ලංසුකරුවන් වෙතින් මෙම වාහන මිලදී ගැනීම සඳහා පරිසර අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.














