කොළඹදී අද (05) පැවැති මාලදිවයින් – ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය අමතමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළේ වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ ඉතා හිතකාමී ආයෝජන පරිසරයක් නිර්මාණය වී ඇති බවයි. මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම හමුවේදී, ශ්‍රී ලංකාවේ ආයෝජන ක්‍රියාවලියට සක්‍රීයව දායක වන ලෙස ඇය මාලදිවයින් ව්‍යාපාරික ප්‍රජාවට විවෘත ආරාධනයක් කළාය.
පසුගිය වසරේ බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුව වැනි ස්වභාවික අභියෝග මධ්‍යයේ වුවද, 2025 වසරේදී ශ්‍රී ලංකාව සිය ඉතිහාසයේ ඉහළම සංචාරක පැමිණීම වාර්තා කළ බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී අනාවරණය කළාය. එමෙන්ම එම ආපදා අවස්ථාවේදී මාලදිවයින් රජය සහ ව්‍යාපාරිකයන් ලබාදුන් අමෙරිකානු ඩොලර් මිලියන 3ක සහෝදරත්වයේ පරිත්‍යාගය ඇය කෘතඥ පූර්වකව සිහිපත් කළාය.
2030 වසර වන විට අමෙරිකානු ඩොලර් බිලියන 15ක ඩිජිටල් ආර්ථිකයක් කරා යන ගමනේදී කොළඹ වරාය නගරය (Port City) හරහා මාලදිවයින් ආයෝජකයන්ට සුවිශේෂී අවස්ථා විවෘතව ඇති බව ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නාය. මාලදිවයින් ජනාධිපතිවරයා ද මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකාව තම රටේ ප්‍රධාන උපායමාර්ගික හවුල්කරුවෙකු බවත්, යටිතල පහසුකම් සහ ආහාර සුරක්ෂිතතාව වැනි ක්ෂේත්‍රවල හවුල්කාරීත්වයන් තවදුරටත් ශක්තිමත් කළ යුතු බවත්ය.














