පෑලියගොඩ පොලිස් වසමේ ඔලිවර්මුල්ල හන්දිය අසලදී ත්‍රීරෝද රථයකින් නීතිවිරෝධී මත්පැන් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පෑලියගොඩ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සමත්ව තිබේ. මෙම වැටලීම 2026 මැයි 05 වන දින සවස් කාලයේදී සිදු කර ඇත.
සැකකරුවන් සන්තකයේ තිබී නීතිවිරෝධී මත්පැන් ලීටර් 67.5ක් (බෝතල් 90ක්) පොලිස් භාරයට ගෙන ඇති අතර ප්‍රවාහනය සඳහා භාවිතා කළ ත්‍රීරෝද රථය ද අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 19 සහ 30 යන වයස්වල පසුවන මාකේවිට සහ කොටුගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.
















