මස්කෙළිය පොලිස් වසමේ බනියන් වත්ත ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස මැණික් ගරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට මස්කෙළිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සමත්ව තිබේ. මෙම වැටලීම 2026 මැයි 05 වන දින උදෑසන කාලයේදී සිදු කර ඇත.
එහිදී සැකකරුවන් මැණික් ගැරීම සඳහා උපයෝගී කරගත් උපකරණ රැසක්ද පොලිස් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 33, 37 සහ 48 යන වයස්වල පසුවන මස්කෙළිය ප්‍රදේශයේම පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.
නීත්‍යානුකූල බලපත්‍රවලින් තොරව සිදුකරන මෙවැනි කැණීම් මගින් පරිසරයට සිදුවන හානිය සැලකිල්ලට ගනිමින් මස්කෙළිය පොලිසිය විසින් සැකකරුවන්ට එරෙහිව වැඩිදුර විමර්ෂණ පවත්වාගෙන යනු ලබයි.














