මෙරට සමුපකාර ප්‍රතිපත්තිය වඩාත් ශක්තිමත් කරමින් සමුපකාර ව්‍යාපාරය මහජන බැංකුව සමඟ එක්ව සක්‍රීයව ක්‍රියාත්මක කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම වැඩපිළිවෙළෙහි ප්‍රධාන අරමුණ වන්නේ “කෝප් සිටි” (Co-op City) සංකල්පය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා මහජන බැංකුව සහ සමුපකාර අරමුදල අතර සහයෝගීතාව වර්ධනය කිරීමයි. ඒ යටතේ දැනට සැලසුම් කර ඇති නිෂ්පාදන සමුපකාර 1000ක් ගොඩනැගීමේ වැඩසටහන පිළිබඳව ද දීර්ඝ වශයෙන් අවධානය යොමු විය.
මීට අමතරව සමුපකාර ව්‍යාපාරයේ සියලු කොටස්කරුවන්ගේ තොරතුරු ඇතුළත් විධිමත් දත්ත පද්ධතියක් කඩිනමින් ස්ථාපිත කිරීමටත්, සමුපකාර භාරකාර අරමුදලක් පිහිටුවීමටත් මෙහිදී තීරණය කෙරිණි. කොටස්කරුවන්ගේ ප්‍රාග්ධන දායකත්වයන් ඒකාබද්ධ කරමින් විශේෂ භාරකාර අරමුදලක් පිහිටුවීම හරහා ව්‍යාපාරයේ මූල්‍ය ස්ථාවරත්වය තහවුරු කිරීමට අපේක්ෂිතය. මෙම අවස්ථාවට අමාත්‍යාංශ බලධාරීන් මෙන්ම මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු මහතා ඇතුළු ඉහළ කළමනාකාරීත්වය සහභාගී වූ අතර සමුපකාර ක්ෂේත්‍රයේ නව පුනරුදයක් ඇති කිරීම මෙහි මූලික ඉලක්කය වී තිබේ.














