කොටපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ දරුවන් අතර ඉතා සීඝ්‍රයෙන් පැතිර යන වෛරස් උණ රෝගී තත්ත්වයක් සැලකිල්ලට ගනිමින් දෙණියාය අධ්‍යාපන කලාපයට අයත් පාසල් හතරක් සඳහා අද (07) සහ හෙට (08) යන දිනවල නිවාඩු ලබාදීමට තීරණය කර තිබේ. දෙණියාය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිශාකා හෙට්ටිගොඩ මහත්මිය සඳහන් කළේ සෞඛ්‍ය අංශ ලබා දුන් නිර්දේශ සහ දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ අනුමැතිය පරිදි මෙම පියවර ගත් බවයි. මෙම නිවාඩුව හිමිවන්නේ සිසුන් සඳහා පමණක් වන අතර ගුරුවරුන් සහ අනෙකුත් කාර්ය මණ්ඩල සේවයට වාර්තා කළ යුතු වේ.
ඒ අනුව දෙණියාය මධ්‍ය විද්‍යාලය, දෙණියාය රාජපක්ෂ මහා විද්‍යාලය, දෙණියාය ශාන්ත මැතිව් ද්වි භාෂා විද්‍යාලය සහ පල්ලේගම සිද්ධාර්ථ විද්‍යාලය යන පාසල් මෙලෙස තාවකාලිකව වසා තැබෙනු ඇත. රෝගය තවදුරටත් ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති අතර පාසල් යළි විවෘත කරන තෙක් දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි. දකුණු පළාතේ පාසල් දරුවන් අතර උණ රෝග ලක්ෂණ පවතී නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙස ද සෞඛ්‍ය අංශ වැඩිදුරටත් දැනුම් දෙයි.














