ලෝකයේ ධනවත්ම පුද්ගලයන් අතර පෙරමුණේ සිටින මුකේෂ් අම්බානිගේ බාල පුත්‍රයා වන අනන්ත් අම්බානි, සතුන් කෙරෙහි දක්වන අසීමිත ආදරය නිසා මේ වන විට මුළු ලෝකයේම අවධානය දිනාගෙන සිටී. ඒ කොලොම්බියාවේ කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ පබ්ලෝ එස්කොබාර් විසින් ඇති කර පසුව අනාථ වූ හිපෝ රැලකගේ වගකීම තමන් වෙත ලබා ගැනීමට ඉදිරිපත් වීමත් සමඟය. එස්කොබාර්ගේ මරණයෙන් පසු කොලොම්බියාවේ ගංගාවල ශීඝ්‍රයෙන් බෝ වෙමින් පරිසර පද්ධතියට තර්ජනයක් වූ මෙම හිපෝ සතුන් මරා දැමීමට එරට රජය යෝජනා කර තිබියදී, ඔවුන් බේරාගැනීමට අනන්ත් අම්බානි ඉදිරිපත් වීම සැබෑ මානුෂීය මෙහෙවරක් ලෙස සැලකේ.
කිලෝ දහස් ගණනක් බරැති මෙම සතුන් 80 දෙනා ගුවනින් ඉන්දියාවට ප්‍රවාහනය කිරීම සඳහා මිලියන සිය ගණනක අතිවිශාල වියදමක් දැරීමට අනන්ත් අම්බානි සූදානම්ව සිටී. මොවුන් සඳහා ආරක්ෂිත නිවහන වන්නේ ගුජරාටයේ අක්කර 3,000කට වඩා විහිදුණු අනන්ත්ගේ ‘වන්තරා’ (Vantara) සත්ව රක්ෂිතයයි. සල්ලි තිබූ පමණින් කළ නොහැකි, සතුන් කෙරෙහි ඇති සැබෑ ලෙන්ගතුකම නිසාම ක්‍රියාත්මක වන මෙම මෙහෙයුම හරහා අපරාධකරුවෙකු ලොවට ඉතිරි කර ගිය විනාශයක් ආදරණීය තරුණයෙකු විසින් ආශිර්වාදයක් බවට පත් කර ඇත. කතා කළ නොහැකි අසරණ සතුන් වෙනුවෙන් තම ධනය මෙලෙස වැය කිරීම සැබවින්ම ලෝකයටම උතුම් ආදර්ශයකි.














