පාසල් දරුවන් අතර සීඝ්‍රයෙන් පැතිර යන උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් දෙනියාය අධ්‍යාපන කලාපයට අයත් පාසල් හතරක් හෙට (08) වසා තැබීමට තීරණය කර තිබේ. රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන් ලබා දුන් නිර්දේශ මත මෙම පියවර ගත් බව දෙනියාය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිශාකා හෙට්ටිගොඩ මහත්මිය තහවුරු කළාය.
දෙනියාය මධ්‍ය විද්‍යාලය, දෙනියාය රාජපක්ෂ මහා විද්‍යාලය, දෙනියාය ශාන්ත මැතිව් ද්විභාෂා විද්‍යාලය සහ පල්ලෙගම සිද්ධාර්ථ විද්‍යාලය මෙලෙස වසා තැබෙනු ඇත. අදාළ පාසල්වල සිසුන් මෙන්ම ගුරුවරුන් අතර ද රෝග ලක්ෂණ ව්‍යාප්ත වීම සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබේ. දරුවන්ට රෝග ලක්ෂණ පවතී නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන ලෙසත්, සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස අනුගමනය කරන ලෙසත් සෞඛ්‍ය අංශ දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි.














