මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග රාජපක්ෂ මහතාගේ මරණය සැකකටයුතු බව පවසමින් ‘ජන අරගලයේ පුරවැසියෝ’ සංවිධානය අද (07) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා ලැබීමටත් පෙර මෙය සියදිවි හානිකර ගැනීමක් බවට පොලිසිය නිගමනය කිරීම හරහා ජනතාව තුළ සාධාරණ සැකයක් මතු වී ඇති බව එම සංවිධානය පෙන්වා දෙයි.
මෙය සැලසුම්සහගත මනුෂ්‍ය ඝාතනයක් විය හැකි බවට සැක පවතින බැවින්, විධිමත් සහ විනිවිදභාවයකින් යුත් විමර්ශනයක් පවත්වා සත්‍ය තොරතුරු රටට හෙළි කරන ලෙස ඔවුන් සිය පැමිණිල්ල මඟින් ඉල්ලා සිටී. රංග රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යාංශයේ වැදගත් වගකීම් දැරූ නිලධාරියෙකු වීම හේතුවෙන් මෙම මරණය පිළිබඳව මේ වන විට සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.














