වසර 36කට අධික සේවා කාලයක් සම්පූර්ණ කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා මෙම මස 15 වැනිදා විශ්‍රාම ගැනීමට නියමිතය. කාලගුණ අනාවැකි සම්බන්ධයෙන් පැවති ජනප්‍රිය විවේචන පසෙකලා, ඩිජිටල්කරණය හරහා දෙපාර්තමේන්තුව වඩාත් විශ්වාසනීය තත්ත්වයකට පත් කිරීමට සිය සේවා කාලය තුළ හැකි වූ බව ඒ මහතා සඳහන් කළේය.
මීට අමතරව ‘දිට්ටා’ සුළි කුණාටු ආපදාවලට වන්දි ගෙවීම සඳහා ලෝක බැංකුව රුපියල් මිලියන 30ක ප්‍රතිපාදන ලබා දී ඇති බවත්, එම ආපදා කළමනාකරණ ව්‍යාපෘතිය ඉදිරියට පවත්වාගෙන යාමට භාණ්ඩාගාරයේ එකඟතාව හිමි වී ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
















