දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ වෙසෙන නිබෝ (Nibo) සහ පෙනී (Penny) යන සිංහ යුවළට දාව උපත ලැබූ සිංහ පැටවුන් දෙදෙනා මේ වන විට මහජන ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කර තිබේ. මෙම නව අමුත්තන් නැරඹීමට සත්වෝද්‍යානය වෙත පැමිණෙන ජනතාවට දැන් අවස්ථාව උදා වී ඇත.
සත්වෝද්‍යාන බලධාරීන් සඳහන් කරන්නේ සෑම දිනකම උදෑසන 10.00 සිට 11.30 දක්වා කාලය තුළ මෙම සිංහ පැටවුන් නැරඹීමට මහජනතාවට පහසුකම් සලසා ඇති බවයි.















