ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවයට අලුතින් එක් වූ මෙට්‍රෝ බස් රථ වෙනුවෙන් රත්මලාන ශ්‍රී ලංගම ඩිපෝ පරිශ්‍රයේ ඉදිවන විශේෂිත මෙට්‍රෝ බස් අංගනය සඳහා මුල්ගල් තැබීම පසුගිය 4 වැනිදා සිදු විය. පාර්ලිමේන්තු මන්ත්‍රීනී සහ දෙහිවල ගල්කිස්ස ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිනී සමන්මලී ගුණසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.
ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් (පුද්ගලික) සමාගම සතු මෙම අංගනය ඉදිකිරීම සඳහා රුපියල් 120,626,289.00 ක ඇස්තමේන්තුගත මුදලක් වැය කෙරෙන අතර, දින 91 ක් ඇතුළත මෙහි වැඩ අවසන් කිරීමට සැලසුම් කර ඇත. මෙම ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්කරු ලෙස Electro Metal Pressing ආයතනය කටයුතු කරයි. මෙට්‍රෝ බස් ධාවනයට සමගාමීව දිවයින පුරා ශ්‍රී ලංගම ඩිපෝ කේන්ද්‍ර කරගනිමින් මෙවැනි සේවා සැපයුම් ස්ථාන 05 ක් ස්ථාපිත කිරීමට ද රජය පියවර ගෙන තිබේ.
මෙම අවස්ථාවට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අවන්ති සේනාරත්න මහත්මිය සහ ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගමේ සභාපති තිලකරත්න මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.















