කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන මිල දර්ශකවල අද (07) සුවිශේෂී වර්ධනයක් දක්නට ලැබුණු අතර, සියලු කොටස් මිල දර්ශකය (ASPI) එක් දිනක් තුළ ඒකක 258.09කින් ඉහළ ගියේය. ඒ අනුව දවසේ ගනුදෙනු අවසානයේ දර්ශක අගය ඒකක 22,997.86ක් ලෙස සටහන් වූ අතර, S&P SL20 දර්ශකය ද ඒකක 47.13කින් ඉහළ ගොස් ඒකක 6,292.26ක් දක්වා වර්ධනය විය.
වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වය තවදුරටත් තහවුරු කරමින් අද දින දෛනික පිරිවැටුම රුපියල් බිලියන 5.28ක් ලෙස වාර්තා විය. ආයෝජකයින් අතර ඇති වූ දැඩි උනන්දුව සහ වෙළෙඳපොළ කෙරෙහි පවතින විශ්වාසය මෙම දැවැන්ත පිම්මට ප්‍රධානතම හේතුව ලෙස මූල්‍ය විශ්ලේෂකයෝ පෙන්වා දෙති.















