හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ ‘ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම්’ (Project Freedom) මෙහෙයුම යළි ආරම්භ කිරීමට සූදානම් වන බවට පළ වූ වාර්තා අසත්‍ය බව ඇමරිකානු රජයේ උසස් නිලධාරියෙකු Al Jazeera පුවත් සේවයට ප්‍රකාශ කර තිබේ. මීට පෙර වාර්තා වූයේ සෞදිය සහ කුවේටය සිය ගුවන් සීමා විවෘත කිරීමත් සමඟ මෙම මෙහෙයුම යළි ඇරඹෙනු ඇති බවයි. කෙසේ වෙතත්, වොෂින්ටනය දැන් එම වාර්තා නිල වශයෙන් ප්‍රතික්ෂේප කර ඇත.
පසුගිය මැයි 4 වැනිදා ආරම්භ කළ ‘ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම්’ මෙහෙයුම, ඉරානය සමඟ එකඟතාවකට පැමිණීමේ “විශාල ප්‍රගතියක්” පවතින බව පවසමින් ජනාධිපති ට්‍රම්ප් විසින් එක් දිනකින් අත්හිටුවීමට පියවර ගත්තේය. එතැන් සිට හෝමූස් සමුද්‍ර සන්ධිය බොහෝ දුරට වැසී පවතින අතර, මෙම පරස්පර වාර්තා හරහා ජාත්‍යන්තර දේශපාලන ක්ෂේත්‍රය තුළ යම් “සන්නිවේදන යුද්ධයක්” නිර්මාණය වී ඇති බව විචාරකයෝ පෙන්වා දෙති.















