වත්මන් ආණ්ඩුවේ ඉහළම පෙළේ නායකයින් අතර දැඩි අර්බුදකාරී සහ ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති බවට ලන්ඩනයේ පදිංචි ප්‍රකට මාධ්‍යවේදී උවිදු කුරුකුලුසූරිය මහතා සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා විශේෂ අනාවරණයක් සිදු කර තිබේ.
ආණ්ඩුවේ අභ්‍යන්තර තත්ත්වය ඉතා “ඛේදනීය” මට්ටමක පවතින බව පෙන්වා දෙන ඔහු, ඊයේ දිනයේදී බලධාරීන් අතර “අතින් පයින් පහර දෙන” මට්ටමේ දැඩි ගැටුමක් ඇති වූ බවට ඉඟි කර ඇත. මෙම ප්‍රකාශයත් සමඟ දේශපාලන කරළිය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.
ඔහුගේ අනෙක් සටහනින් පෙන්වා දෙන්නේ, දේශපාලන ලෝකයේ “ලොකුම සේදුම් යන්ත්‍රය” ලෙස හැඳින්වෙන පාර්ශවයන් පවා මෙවර බේරා ගැනීමට නොහැකි මට්ටමට තත්ත්වය බරපතළ වී ඇති බවයි. අදාළ පාර්ශවයන් පාර්ලිමේන්තුවට පවා නොපැමිණ “ජාතිය අමතමින්” සිටින බවට ඔහු කළ සඳහන හරහා ආණ්ඩුව තුළ පවතින දැඩි අස්ථාවරභාවය පිළිබඳව විවිධ අනුමාන පළ වෙමින් පවතී.
ආණ්ඩුවේ අභ්‍යන්තර තොරතුරු සමීපව දන්නා පුද්ගලයෙකු ලෙස සැලකෙන උවිදු කුරුකුලුසූරිය මහතාගේ මෙම ප්‍රකාශ මගින් ඉදිරියේදී මෙරට දේශපාලනයේ තීරණාත්මක වෙනස්කම් සිදුවිය හැකි බවට දේශපාලන විචාරකයෝ මත පළ කරති.













