ඉන්දුනීසියාවේ හල්මහේරා දූපතේ පිහිටි ඩුකොනෝ (Dukono) ගිනි කන්ද හදිසියේ සක්‍රීය වීම හේතුවෙන් එහි සංචාරය කරමින් සිටි කඳු නගින්නන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගිනි කන්දෙන් පිටවන අළු සහ දුම් හේතුවෙන් ප්‍රදේශයේ ගුවන් ගමන් සඳහා ද දැඩි බාධා එල්ල වී තිබේ.
අදාළ කඳු නගින්නන් පිරිස අනතුරු ඇඟවීම් නොතකා ගිනි කන්ද ආසන්නයට ගොස් ඇති බවත්, පවතින අහිතකර තත්ත්වය හමුවේ සෝදිසි මෙහෙයුම් ද අඩාල වී ඇති බවත් වාර්තා වේ. බලධාරීන් විසින් ගිනි කන්ද අවට ප්‍රදේශය තහනම් කලාපයක් ලෙස නම් කර ඇති අතර, පදිංචිකරුවන්ට සහ සංචාරකයින්ට ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස දැනුම් දී ඇත.














