දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි වියට්නාම් ජනාධිපති ටෝ ලාම් (To Lam) මහතා සහ ශ්‍රී ලංකා රජය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ක්ෂේත්‍ර කිහිපයක සහයෝගීතාව සඳහා අවබෝධතා ගිවිසුම් 05කට අත්සන් තබා තිබේ. රාජ්‍ය උත්සවයෙන් අනතුරුව සිදු වූ මෙම ගිවිසුම්ගත වීම් අතර තොරතුරු සහ සන්නිවේදන ක්ෂේත්‍රය සඳහා හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.
මෙම ගිවිසුම හරහා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ වියට්නාමයේ සංස්කෘතික, ක්‍රීඩා හා සංචාරක අමාත්‍යාංශය අතර සන්නිවේදන තාක්ෂණය සහ තොරතුරු හුවමාරුව නව මානයකට ගෙන යාමට අපේක්ෂා කෙරේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය අත්සන් තැබූ අතර වියට්නාමය වෙනුවෙන් එරට නියෝජ්‍ය අමාත්‍ය හෝ අන් ෆොන්ග් මහතා අත්සන් තබන ලදී.
වියට්නාමය මේ වන විට කෘතිම බුද්ධිය (AI) සහ ඩිජිටල් ප්‍රචාරණ යාන්ත්‍රණයන් අතින් වේගවත් දියුණුවක් ලබමින් සිටින රටක් බැවින්, මෙම ගිවිසුම මඟින් ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන ක්ෂේත්‍රයේ නවෝත්පාදනයන්ට සහ දැනුම හුවමාරු කර ගැනීමට විශාල පිටුවහලක් ලැබෙනු ඇත. දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් තහවුරු කිරීමට මෙම රාජ්‍ය සංචාරය හේතු වී තිබේ.














