කල්පිටිය, ආලංකුඩ ප්‍රදේශයේ මුහුදු තීරයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් 622ක පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ. මුහුදු මාර්ගයෙන් මෙම ජාවාරම සිදුකිරීම සඳහා යොදාගත් ඩිංගි යාත්‍රාවක් ද නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 29 සහ 30 යන වයස්වල පසුවන කල්පිටිය, අනවාසල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබේ. නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන්, ඩිංගි යාත්‍රාව සහ බීඩි කොළ තොගය ඉදිරි නීතිමය පියවර ගැනීම සඳහා පුත්තලම සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදී ඇත. සාගර කලාපය ඔස්සේ සිදුවන මෙවැනි ජාවාරම් මැඩලීම සඳහා නාවික හමුදාව සිය සෝදිසි මෙහෙයුම් තවදුරටත් දැඩි කර තිබේ.














