චම්පි සුළි කුණාටුවේ බලපෑමෙන් තායිවානයේ පුද්ගලයෙකු මියගොස් තවත් 527 දෙනෙකු තුවාල ලබා තිබේ. ප්රබල සුළං සහ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ගස් කඩා වැටී විදුලි සැපයුමට ද බාධා එල්ල වී ඇත.
තායිවාන බලධාරීන්ට අනුව, ලියුචියු දූපත ආසන්නයේ රළ පහරට හසුව ගසාගෙන ගිය පුද්ගලයෙකු මෙලෙස මියගොස් තිබේ. කුණාටුව හේතුවෙන් නිවාස ලක්ෂ ගණනකට විදුලිය විසන්ධි වූ අතර, පසුව බොහෝ ප්රදේශවල විදුලි සැපයුම යළි යථා තත්ත්වයට පත් කර ඇත.
කුණාටුව තායිවානයේ ඊසානදිග වෙරළට ආසන්නයෙන් ගමන් කිරීමත් සමඟ ඇතැම් වෙරළබඩ ප්රදේශවල පැයට කිලෝමීටර් 227ක් පමණ වූ සුළං වේගයක් වාර්තා වී තිබේ. ගස් කඩා වැටීම් සහ අයහපත් කාලගුණය හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කිරීමට ද සිදුව ඇත.
කලින් සුපිරි සුළි කුණාටුවක් ලෙස වර්ධනය වූ චම්පි මේ වන විට දුර්වල වෙමින් පවතින බව තායිවාන කාලගුණ බලධාරීන් සඳහන් කරයි. එය චීන වෙරළ දෙසට උතුරින් ගමන් කරමින් පවතින අතර, තායිවානයේ උතුරු හා මධ්යම ප්රදේශ කිහිපයක පාසල් සහ කාර්යාල වසා තැබීමට ද පියවර ගෙන තිබේ.











