“එන්න කියන ඕනෑම වෙලාවක අපි එනවා” යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (11) ප්‍රකාශ කළේය. බලපෑම් කිරීමෙන් හෝ බිය ගැන්වීමෙන් ආණ්ඩුවට මේ ගමන යා නොහැකි බවත්, පරීක්ෂණ කටයුතුවලට සහයෝගය දීම තම නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට ඇති හොඳම මඟ බව තමන් විශ්වාස කරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය. නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.
යම්කිසි න්‍යාය පත්‍රයකට අනුව බලපෑම් කරමින් හෝ බලහත්කාරයෙන් කටඋත්තර ලියාගනිමින් පරීක්ෂණ සිදුකරන්නේ නම්, එමඟින් කිසිදු පාර්ශ්වයකට සාධාරණයක් ඉටු නොවන බව ඔහු පෙන්වා දුන්නේය. අවසානයේදී එවැනි අක්‍රමවත් පරීක්ෂණවල පාඩුව විඳීමට සිදුවන්නේ ද රටේ ජනතාවට බව නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.














